Google තරඟයේ අවසන් වටයට ආ ලාංකික කණ්ඩායමේ ජයග්‍රහණයට ඔබේ සහය දෙන්න - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, November 28, 2014

Google තරඟයේ අවසන් වටයට ආ ලාංකික කණ්ඩායමේ ජයග්‍රහණයට ඔබේ සහය දෙන්න

Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරඟකරුවන් 317ක් අතරන් අවසන් තරඟකරුවන් 9 දෙනා අතරට තේරී පත්වීමට ලාංකික කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබේ.

විමුක්ති සංකල්ප ලියනගේ නම් තරුණයෙකුගේ සංකල්පයකට අනුව නිර්මාණය කොට ඇති Mogo Reader නම් app එකක් මෙසේ අවසන් වටය සඳහා තේරී පත්ව තිබේ. 

ඇන්ඩ්‍රොයිඩ් සඳහා වන මෙම App එක මගින් ලංකාවේ පුවත් තමන් කැමති පුවත් ප්‍රභේදයට අනුව කියවීමේ පහසුකම ලබාදී තිබේ. මෙම තරඟයේ ජයග්‍රාහකයා තෝරනු ලබන්නේ එක් එක් තරඟකරුවන්ගේ ජීවිත කතාව අලලා ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද යූටියුබ් වීඩියෝ පටයට හිමිවන මනාප (Likes) ගණන අනුව වේ.

ඉන්දීයාව, නේපාලය, පිලිපීනය හා අප්‍රිකාව වැනි රටවල් වල තරඟකරුවන් සමඟ තියුණු තරඟයක් ඇති මේ අවසන් වටයේදී ලාංකික කණ්ඩායම ජනග්‍රහණය කරවීමට ඔබේ දායකත්වය පහල ආකාරයෙන් ලබා දෙන්න



මෙන්න Mogo Reader App එක
ඔන්න යලුවනෙ එහෙනම් අදට මම යනව, තවත් අලුත් පොස්ට් එකකින් සෙට් වෙමු, ජය වේවා

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here