නෑදෑයන් හිත මිතුරන්ට අන්තර්ජාලය හරහා කතා කරන මෘදුකාංගයක් වන ස්කයිප් සදහා හදුන්වා දුන් මෙම තාක්ෂණය, ලෝකයේ ස්කයිප් පරිශීලකයන්හට ඉතාමත් වැදගත් හා ප්‍රයෝජනවත් වේ.
ඔබ කතා කරන භාෂාව ඔබත් සමග කතා අනෙක් පුද්ගලයාට නොතේරේ නම් එය ඔහුට තේරෙන භාෂාවට හැරවීමට මෙම නව තාක්ෂණික ක්‍රමවේදය මගින් හැකියාව ලැබේ.
ස්කයිප් මෘදුකාංගයේ නිර්මාණකරුවන් විසින් වසර ගණනක් කල පර්යේෂණ සහ අත්හදා බැලීම් වල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම නව තාක්ෂණණික අංගය හැදින්වීමට පුළුවන්.
මෙය හදුන්වා දීමේ උත්සවයේදී ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා දෙක අතර වචන හුවමාරු වන අකාරය මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
ඉදිරියේදී සිංහල ඇතුළු භාෂා රැසකට නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව මයික්‍රොසොෆ්ට් ආයතනයේ මෘදුකාංග නිර්මාණකරුවන් පවසනවා. එමෙන්ම මෙය පාසල් ළමුන් අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහනක්ද හදුන්වා දීමට නියමිතයි.
හදුන්වා දීමේ වීඩියෝව
විශේෂ ස්තුති - නෙත් වෙත
එහෙනම් අදට මම යනව, තවත් අලුත් පොස්ට් එකකින් සෙට් වෙමු. කැමතිනම් ශෙයාර් කරන්න, ගටලු තිබේනම් කොමෙන්ට් කරන්න. ජය වේවා


No comments:
Post a Comment