දැනට අන්තර්ජාල භාවිතා කරන්නන් අතර ඡායාරුප හුවමාරු කර ගැනීම සදහා වූ වෙබ් අඩවියක් වන Instragram භාවිතා කරන පරිශීලකයින් ගණන මිලියන 300 ඉක්මවා ඇති බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
මෙම වෙබ් අඩවිය ආරම්භ වී අවුරුදු 7ක් ඉක්ම ගොස් තිබෙනවා. දිනකට මිලියන 70ක් පමණ ඡායාරුප සහ වීඩියෝ මෙම වෙබ් අඩවියට භාවිතා කරන්නන් විසින් එක්කරන බවට නිර්මාපකයින් පවසනවා.
දිනෙන් දින අලුත් අංග එකතු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. නවතම අංගය වනුයේ Google,Facebook,Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි වල දක්නට ලැබෙන verified users feature එක් කොට තිබීමයි. මෙම විශේෂාංගය මගින් සැබෑ ගිණුම් පහසුවෙන් හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා.
විශේෂ ස්තුති - නෙත් වෙත
එහෙනම් අදට මම යනව, තවත් අලුත් පොස්ට් එකකින් සෙට් වෙමු. කැමතිනම් ශෙයාර් කරන්න, ගටලු තිබේනම් කොමෙන්ට් කරන්න. ජය වේවා


No comments:
Post a Comment