වංකගිරියෙන් පැනයන්නන් - The Maze Runner (2014) BluRay - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, December 4, 2014

වංකගිරියෙන් පැනයන්නන් - The Maze Runner (2014) BluRay


පූර්ව ප්‍රචාරක පටය,( සිංහල උපසිරැසි සමඟින්) මෙතනින් බලන්න

සම්පූර්න චිත්‍රපටය මෙතනින් බාගන්න


සිංහල උපසිරැසි මෙතනින් බාගන්න




හැදින්වීම-

ඩයිලන් ඕ බ්‍රයන් අලුතින්ම රංගනයෙන් දායක වෙන චිත්‍රපටයයි The Maze Runner 2014.
ඩයිලන් එහෙම නැත්නම් ස්ටයිල්ස් ටීන් වුල්ෆ් කතාමාලාව බලපු අයටනම් නුහුරු කෙනෙක් නෙමෙයි,
ක්‍රියාදාම, ත්‍රාසය, විද්‍යා ප්‍රබන්ධ ලේබලය යටතේ පසුගිය සැප්තැම්බර් 19 වෙනිදා සිට ලොව පුරා තිරගතවීම ආරම්භ කරන ලදි,

රංගන දායකත්වය-
*තෝමස්- ඩයිලන් ඕ බ්‍රයන්
*නිවිට්- තෝමස් බ්‍රෝඩ්
*සැන්ග්ස්ටර් තෙරේසා-කයා ස්කෝඩෙලරියෝ
*ගැලී- විල් පෝල්ටර්
*චක්- බ්ලේක් කූපර්
*ඇල්බී- ඇමිල් අමින්
*මින්හෝ-කී හොන්ග් ලී
*වින්ස්ටන් -ඇලෙක්සැන්ඩර් ෆ්ලෝරස්

නිශ්පාදනය-
2009 වර්ශයේදී ජේම්ස් ඩෑශ්නර් විසින් රචනා කරන ලද The Maze Runner ග්‍රන්ථය තේමා කරගනිමින්, වෙස් මෝල් විසින් මෙය අධ්‍යක්ශණය කර ඇත. එලන් ගෝල්ඩ්ස්මිත්, වයික් ගොඩ්ෆ්‍රේ, මාර්ති බෝවිස් සහ ලී ස්ටොල්මන් යන අයවලුන් මෙහි නිද්පාදන බරපැන සම සමව දරා ඇත, ඒ අනුව මේ වෙනුවෙන් වැය කර ඇති සමස්ථ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 34කි. මෙහි තිර පිටපත නෝහා ඕපන්හෙයිම්, T.S නෝවේලින් සහ ග්‍රාන්ට් පියර්ස් මේයර්ස් යන අය විසින් රචනා කර ඇත, සිනමාකරණය එන්රික් චෙඩියැක් විසින් හා සංගීතය ජෝන් පෙසානෝ විසින් සිදු කර ඇත. මෙහි දර්ශන තල ලෙස යොදාගෙන ඇත්තේ ඇමරිකාවේ ලුසියානා සහ බැටින් රවුජ් යන නගරයන්ය.

කතා සාරාංශය-
අතීතයේ කිසිවක් මතක නැති තම නම පමණක් මතක තෝමස් (ඩයිලන්) ග්ලේඩ්ස් නම් ස්ථානයකදී පිබිදීමට ලක්වේ, ග්ළේඩ්ස් වල සිටින් ඔහුගේ සඟයන්ටත් අත්වී ඇත්තේ එකම ඉරණමක්, ඔවුන් හැම කෙනෙක්ම කලින් ජීවිත වල ඉන්ජිනේරුවන් ලෙස සේවය කල අය වන අතර, ග්ලේඩ්ස් වල සෑම උදෑසනකම විවෘත වන දොරටුවෙන් වංකගිරියක් හරහා ගොස් පනබේරාගැනීම් ඔවුන්ට ලැබෙන අභියෝගයයි, නමුත් ඒ දොරටුව හරහා පිටවුන කිසිම කෙනෙක් තම ජීවිතය රැක ගැනීමට සමත් වී නැත, තෙරේසා (කයා ස්කෝඩෙලරියෝ) ඔවුන් අතරට පැමිණිමත් සමඟ සියල්ල උඩු යටිකුරු වේ ඒ ඇයට අතීතය මතක තිබීමයි, තෝමස් තෙරේසා හා සඟයන් වංකගිරිය හරහා පැනයාමට උත්සහ කරන කතාවයි, The Maze Runner.

මෙතනින් බාගන්න

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න




එහෙනම් යලුවනෙ අදට මම යනව, තවත් අලුත් පොස්ට් එකකින් සෙට් වෙමු.
විශේශ ස්තුති, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට සහ zoom.lk වෙබ් අඩවියේ සුපුන්.වී ට.
එහෙනම් ජය වේවා

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here